Showing posts with label කතුවැකිය. Show all posts
Showing posts with label කතුවැකිය. Show all posts

Thursday, October 11, 2018

මෙි ඔක්තෝබරයයි.. කතුවැකිය...

ඔක්තෝබරය ශ්‍රේෂ්ඨය. ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමුවැනිදාය. හොඳම දේ දරුවන්ට කියමින් පිළුණු වූ ධනේෂ්වරය සතු හොඳම කුණු කන්දල් දරුවන්ගේ හිසමත පැටවීම සමරන්නේ එදාටය. ඔක්තෝබරය ශේෂ්ඨ වන්නේ ඒ නිසා නොවේ. හොඳම දේ දරුවන්ට සංකල්පය සමාජවාදී විප්ලවයෙන් පැනනැගුණකි. බඩගෝස්තරවාදී ධනේෂ්වර පාලකයන් අද වේදිකාවක් ගානේ තප්පුලන්නේ සමාජවාදයෙන් හොරකම් කරන ලද ආදර්ශ පාඨයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳම දේ දරුවන්ට දිය හැක්කේ ලාභ මූලික කර නොගත් සමාජයකදීය. මිනිස් සබඳකම් තවදුරටත් ගණුදෙනු බවට පත් නොවුණු සමාජයකය. එවැනි සමාජයක පළමු අත්දැකීම ලෝකයට ලැබුණේ ඔක්තෝබරයකදීය. ඒ රුසියාකු සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය විසිනි. ඔක්තෝබරය ශේෂ්ඨ වන්නේ ඒ නිසාය.

1917 වසර වන විට රුසියානු සමාජයේ අලුත් අරුණැල්ලක බලාපොරොත්තු දැල්වී තිබිණි. සාර් පාලනයෙන් හෙම්බත්ව සිටි රුසියානු පීඩිතයෝ විමුක්තිය පිණිස දිවි පරදුවට තබා සටන් වැදී සිටියහ. ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවිකයන් අත නායකත්වයේ ධජ ලෙල දෙමින් තිබිණි. අවසන ඒ දීප්තිමත් ඔක්තෝබරය එළඹිනි. සමාජවාදයේ රක්තවර්ණ අරුණැල්ල පෙරදිග අහසේ දිලෙන්නට විණි. ගණදුර පළවා හැරුණි. ශීත මාළිගා බිඳ වැටුණි. සමාජවාදී සමාජයක් පිළිබඳ ලොව පළමු ආදර්ශය බිහි වුණේ එලෙසිනි. 

සෝවියට් සංගමය බිඳවැටුණි. එය සැබෑවකි. නමුත් එයින් සකල දේශවාසී නිර්ධනයන් තුළ ගොඩනැගූ නිර්ධන පංතියේ විමුක්තිය පිළිබඳ විශ්වාසය බිඳවැටුණේ නැත. සමාජවාදය පිළිබඳ  ලොවට ඉතුරු කළ අත්දැකීම් සමුදාය බිඳවැටුණේ නැත. ධනේෂ්වර බඩගෙ ා්ස්තරවාදීන්ගේ ඇස් කෙවෙණිවලට කටු අනිමින් තවමත් සමාජය සතුව ඉතුරුව ඇති නිදහස් අයිතීන් සියල්ලක්ම සමාජවාදයේ දායාදයන්ය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නිදහස් ප්‍රවාහනය, කම්කරු අයිතිවාසිකම්, වැඩිහිටි ආරක්ෂණයන් ආදී සියල්ලක් තුළම ඇත්තේ ඔක්තෝබර් විප්ලවයේ සෙවණැල්ලයි. රාජ්‍ය සුබසාධනවාදී කේන්සියානු මොඩලයට ධනවාදය එළඹියේ සමාජවාදී විප්ලවය ඉදිරියේ පණ කෙන්ද බේරාගැනීමටය. දැන් නවලිබරල් කඳ පණුවන් ගසා ඇති මෙම සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම උදෙසා පැනනගින ජනතා අරගල පසුපස ඇත්තේ සවිඤ්ඤාණිකව හෝ අවිඤ්ඤාණිකව පීඩිතයන් හට දැනෙන සමාජවාදයේ අවශ්‍යතාවයි. එහෙයින් ඔක්තෝබර් විප්ලවයට සියවසක් ඉක්මවා ඇති මේ මොහොත වන විටත් සමාජයට එය අදාළය. 

ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරුණේ පසුගිය වසරේදීය. ජනාධිපතිවරයා ඇතුළු නවලිබරල් කොල්ලකරුවන් නඩය එය සමරණ අයුරු අපි දුටුවෙමු. ඔක්තෝබර් විප්ලවය විසින් දිනාදුන් ජනතා අයිතීන් සියල්ල නැවත උදුරාගනිමින් නවලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන ධනේෂ්වර බඩකඩිත්තුව මෙහෙයවන්නේ ඔවුන්ය. පරලොවක් පිළිබඳ විශ්වාසය දල්වාගත් වැඩිහිටියන් විසින් මරණයට පෙර ජීවදාන පිංකම් කරනු අප දැක තිබේ. නවලිබරල් ධනපතියන්ගේ ඔක්තෝබර් විප්ලව සැමරුමත් එවැන්නකි. ධනේෂ්වරය මරණාසන්නය. නවලිබරල් ප්‍රතිපත්තිය විසින් ධනවාදය දිනෙන් දින තල්ලු කෙරෙන්නේ වලපල්ලටය. ඒ හැර ඔවුන්ට වෙන විකල්පද නැත. එහෙයින් ඔක්තෝබර් විප්ලවයට සියවසකුත් තවත් වසරක් ඉක්ම යන මේ මොහොතේ නිර්ධන පංතිය ලෙස අප වඩ වඩාත් සංවිධානය විය යුතුය. එක්ව සටන් වැදිය යුතුය. ඔක්තෝබර් විප්ලවය විසින් දෙන ලද අත්දැකීම්, ආදර්ශයන් සියල්ල රැගෙන ධනේෂ්වරයේ අවසානයත් විමුක්තියේ අරුණැල්ලත් වෙනුවෙන් අරගල කළ යුතුය.

Sunday, August 19, 2018

නාටක මාරයි වසල හමාරයි


කතුවැකිය


වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ - නටපු දා එළි වෙන්නේ ජෝතිගේ ගීයක තිබුණේ එසේය. නමුත් ඒ පැරණි නාටක ගැනය. දැන් නාටකවලට වෙස් මුහුණු බඳින්නේ නැත. එළිපිටම රඟති. නාටක බොහෝය. කෝලම් එමටය. නළුවන් එක්සලන්ට්ය. නවනළු රස වෑහේය. 

තෙවරප්පෙරුම නාටකවල බොහෝ සෙයින් ඇත්තේ වීර රසයය. ගාලක බැඳ දමා සිටි මී හරකෙකු මුදා ගන්නට ගිය ජවනිකාවට සංගීතය මුසු වූවානම් පංකාදුය. රංජන් නාටක වීර රසයට අමතරව අත්භූත රසයෙන්ද අනූනය. විජයකලාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාව, හා වීරවංශගේ බිරිඳගේ අභිරහස් හෙළිදරව් කළ ජවනිකාවල තිබූ වීර හා අත්භූත රස සංකලනය ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෘතිවලවත් නැත. ෆොන්සේකා නාටකද විශේෂය. ඒවා රෞද්‍ර හා හාස්‍ය රසයන්ගේ අනුපමේය සංකලනයකි. උදාහරණයක් ලෙස සිංහරාජයේ කුරු අලි දෙදෙනා හොරොව්පතානට ගෙන යන බව පැවසූ ජවනිකාව ගත හැක. තෙත් කලාපීය අලි වියළි කලාපයට ගෙනගොස් දැමීම යන සංකල්පයේම ගැබ්ව ඇත්තේ රෞද්‍ර රසයය. එසේ ගෙනගොස් විසි හතර පැය පුරා අලින්ට වතුර ඉසිය හැකිය යන ප්‍රකාශය හාස්‍ය රසයෙන් අනූනය. 


රනිල් නාටකවල වෑහෙන්නේ අත්භූත රසයය. රාජපක්ෂ යුගයේ ආසියාවේ ආශ්චර්යය නමින් ගෙන ආ නාටක මාලාවෙන් රනිල් නාටක ආභාෂය ලබා ඇත. ජේ. ආර්. යුගයෙන් පසු නාටක කලාව එහි දෙවන පියවර දක්වා ඔසවා තැබුවේ රාජපක්ෂ යුගයේදීය. රාජ්‍ය ආයතන, ඉඩම් වැනි සියල්ල පෞද්ගලික අංශයට විකුණා දමා ලංකාව ස්වයං පෝෂිත පැරකුම් යුගයකට ගෙන යන බව පවසන රනිල් නාටක රාජපක්ෂ නාටක කලාවේම තවත් දිගුවක් ලෙස වර්ග කළ හැක. බැඳුම්කර නාටකය ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයකි.  සිරිසේන නාටක අතිවිශිෂ්ටය. ඒවා කෝලම් සම්ප්‍රදායට අයත්ය. නහී වෙරෙන වෙරානි කියමින් ඔහු පටන් ගත්තේම ශාන්ත රසයෙනි. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන බව පැවසූ ජවනිකාව ශාන්ත රසයේ හා රෞද්‍ර රසයේ විශිෂ්ට සංකලනයකි. එකිකෙකට පරස්පර එවන් රස දෙකක් එකට ගැලපීමම විශ්මය ජනකය. ඒ අත්භූත රසයයි. නමුත් සිරිසේන නාටකවල ආත්මය වන්නේ හාස්‍ය රසයය. වීර රසය උපදවන්නට කොතරම් උත්සාහ කළද ප්‍රේක්ෂකයන් එය හාස්‍යයෙන් වැළඳ ගන්නේ ඒ නිසාය. සයිටම් ගැටලුවට තමන් විසඳුම් දුන් ආකාරය පැවසූ ජවනිකාව කදිම උදාහරණයකි.


විපක්ෂ නාටක වෙනම ගුරුකුල දෙකකට අයත්ය. පළමුවැන්න ඒකාබද්ධ ගුරුකුලයයි. මේ දිනවල ඔවුන්ගේ නාටකවල ගැබ්ව ඇත්තේ භයානක රසයයි. හිට්ලර් හෝ ජනපති කර ධර්ම රාජ්‍යයක් ගොඩ

නැගීම ඒකාබද්ධ නාටකවල පරමාර්ථයයි. එයටම අයත් මහාසඟ කෝලම් කරුණා රස වහනය කරයි. ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඊළඟට වේදිකාගතවීමට නියමිත නාටකයකි. ජම්පර් කෝලම එම ගුරුකුලයට අයත් මෑතදී ප්‍රදර්ශනය කළ හොඳම කලාකෘතියය.  විපක්ෂයේ අනික් ගුරුකුලය සිය නාටකවල ආත්මීය රසය කරගෙන ඇත්තේ ශෘංගාර රසයයි. විපක්ෂයේ සිටින අතරතුරම ආණ්ඩුවට පෙම් බැඳීම එහි ප්‍රකාශනයයි. 20 වැනි සංශෝධන නාටකය උදාහරණයකි. 

නාටක නම් එමටය. සියල්ල ගැන කිව යුතු නැත. ප්‍රවෘත්ති බලන නිසා සියල්ලෝම ඒවා හොඳින් දනිති. වැඩිදුර හැදෑරීමක් අවශ්‍ය වන්නෙකුට හැන්සාඞ් වාර්තා පිරික්සා බැලිය හැක. නන්දා මාලිනී ගයන්නා සේ මේ නම් කේතුමතී නුවරක්මය. ජනතාවට පට්ට ආතල්ය. පාලකයන්ගෙන් ඔවුන්ට ලැබෙන්නේ නවනළු රස පමණක්මය. වෙන කිසිවක් ගැන ජනතාව හිතනවාට ඔවුන් අකමැතිය. නමුත් නියම නාටකය ඇත්තේ ජනතාව ළඟය. බදු බර මහමෙර සේය. බඩු මිල ඉහළ අහසේය. ලිපේ ගිනි කුසේය. කුසේ ගිනි හිසේය. නවනළු රස කලතා පෙරා දුන්නත් ජනතාවට දැනෙන්නේ පාලකයන් කෙරෙහි අපුලක් පමණි. අපුලෙන් උපදින්නේ භීබත්ස රසයය. අවශ්‍ය වන්නේ පාලකයන් කෙරෙහි පමණක් නොව පාලන ක්‍රමය කෙරෙහිම ජනතාවට භීබත්සය පහළ වීමය. නාටක වෙනුවට සැබෑව දැකිය හැක්කේ එවිටය.


Tuesday, May 2, 2017

කම්කරුවන් සතු එකම සහ බලවත්ම අවිය සංවිධානය වීමයි


වැඩකරන ජනතාව නැගී සිටිය යුතුය. නව ලිබරල් ධනවාදය විසින් ඉතිහාසයක් පුරා කම්කරුවන් සටන් කොට දිනාගත් ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරවීමට නියමිතය. මේ අතර තවත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් පැමිණ තිබේ. කම්කරුවන් සූරාකන, කම්කරු ජයග‍්‍රහණයන් ආපසු හරවන, අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන, කම්කරු අරගල මර්දනය කිරීම පිණිස නව හමුදා සේනාංක හදන දුර්දාන්ත පාලකයෝ පවා මැයි 1 දා සැමරීමට යුහුසුළු වෙති. ඉතිහාසයක් පුරා පාලකයන් විසින් සිදුකර ඇත්තේ වැඩකරන ජනතාව රවටා ඔවුන්ගේ රීරිමාංශ සූරාකෑමය. ඔවුන්ගේ ජයග‍්‍රහණ කොල්ලකෑමය. ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ද පාලකයන් විසින් අද වනවිට ඔවුන්ගේ බල උවමනාවන් වෙනුවෙන් කොල්ලකා හමාර ය. ඔවුහු කැම්බල්, ගෝල්ෆේස්, බී.ආර්.සී පිටිවලට රැස්කරවන කම්කරුවන්ගේ ඔලූගෙඩි ප‍්‍රමාණය ගැන තරෙගට පුරසාරම් දොඩවති.

Thursday, August 25, 2016

කප්පාදුව ,අරගලය සහා මර්දනය







කතුවැකිය

ධනපති පංතිය නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය වේගයෙන් ක‍්‍රියාත්මක කරනවා. ඒ ලාබ උපරිම කිරීම සඳහයි. නමුත් මේ ලාභ උපරිම කිරීමේ ක‍්‍රියාවලිය ස්වාභාවික සිදු වන්නේ නෑ. ඒ සඳහා ඔවුන් දැනටමත් සිය ආධිපත්‍යට යට නොවු වෙළඳපොළවල් අල්ලා ගැනීමත්, එසේම වෙළඳ පොළ අරමුණු වෙනුවෙන් පවත්වාගෙන නොයන ඇතැම් ක්‍ෂේත‍්‍ර වෙළදපොළ අරමුණු වෙනුවෙන් වෙළඳපොළකරණය කිරීමත් සිදු කරනවා. එසේම අනෙක් පසින් සිය වෙළඳ නිෂ්පාදනවල පිරිවැය අඩු කරගැනීමත් සිදු කරනවා.

Tuesday, July 26, 2016

මර්දනයට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍යයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යවන් තුන් දෙනෙක් සහා ශිෂ්‍යයින් තුන් දෙනෙක් අත් අඩංගුවට ගෙන දින පනහකට අධික කාලයක් රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. ඒ නවක වදයට යොමු කිරීම සහා පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා මතය.පරුෂ වචනයෙන් බැණ වැදීමේ චෝදනාව පසුව ලිංගික බලහත්කාරකම් කිරීම ලෙස අර්ථකතනය කරන්නට විය. මීට අමතරව කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 24 දෙනෙකුගේ පන්ති තහනම් සිදු කර ඇත.
එමෙන්ම  ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර මර්දනයක් දිඟින් දිගටම සිදු වෙමින් පවතී. ශිෂ්‍ය පා ගමන් වලක්වා අධිකරණ නියෝග ගැනීම, නඩු පැවරීම, ශිෂ්‍ය උද්ඝෝශණ වලට පහර දීම, ශිෂ්‍ය නායකයින් අත් අඩංගුවට ගැනීම, ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට පොලිසියෙන් යවා නිවැසියන් බිය වැද්දීම වැනි මර්ධනයන් ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර මෙම ආණ්ඩුව සිදු කරමින් තිබේ.

Monday, July 11, 2016

කම්කරු සිසු සන්ධානය ගොඩනගමු

මැයි මාසය කියන්නේ ලෝකය පුරා වීදී රතු පාටින් සැරසෙන මාසයයි. ඒ වාමාංශික ව්යාපාර, වෘතීය සමිති,ජාත්යන්තර කම්කරු දින සැමරන  බැවිනි. එබැවින් මෙම මැයි මාසයේද වෙනදා මෙන් රතු පාට කොඩි, බැනර්, වේදිකා ලෝකය පුරා දකින්නට හැකි වනු ඇත. මෙම බැනර් වල වේදිකාවල විව්ධ සටන් පාට දකින්නට හැකි වනු ඇත. ඒ සෑම සටන් පාඨයක්ම කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගනු ඇත. පසුගිය ඉතිහාසය තුළ මේ බොහෝමයක් සටන් පාට කම්කරු දිනයට පමනක සීමා වීම අප අත්දැකීම තුළ දැක. නමුත් මෙවර ජාත්යන්තර කම්කරු දිනය උදා වන්නේ වෙනදාට වඩා වෙනස් වාතාවරනයක් තුලය. ඒ ලෝකය පුරා කම්කරුවන්, ශිෂ්යයින්,ගොවියන්, ධීවරයින් ඇතුළු විවිද ක්ෂ්රේත්ර වල වැඩ කරන පංතියේ මිනිසුන් සටන් වදින මොහොතකය. පසුගිය දශක දෙක තුළ දකින්නට නොලැබුනු කම්කරු සටන් යුරෝපය පුරා ඇවිලෙන මොහොතකය. එබැවින් මෙවර ජාත්යන්තර කම්කරු දිනය ශිෂ්ය ව්යාපාරයට බොහෝමයක් දේශපාලන ඉගැන්වීම් ලබා දෙනු ඇත. ඒ සඳහා අප වාම දෘෂ්ඨියක සිට ජාත්යන්තර කම්කරු දිනය කියවා ගත යුතු වේ.

Sunday, August 11, 2013

වරද කාගේද?

ISSN - 13913344
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 05 වන කලාපය
2013 අගෝස්තු

වරද කාගේද?


පසුගිය මසක පමණ කාල සීමාව තුළ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩිමනක් කතාබහට ලක් වූ සිද්ධි දෙකකි. පළමුවැන්න සංජීව සහෝදරයා සිරගත කිරීම හා ඔහුට විශ්වවිද්‍යාල තහනම් කලාප බවට පත් කරමින් නිදහස් කිරීමයි. දෙවැන්න රතුපස්වල සිද්ධියයි. මේ සිද්ධි නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග‍්‍රහ කළ අයුරු අප දුටුවෙමු.

සංජීව සහෝදරයා සිරගත කිරීමට අදාළ සිද්ධියේ දී සමහරුන් එය දුටුවේ පොලිසියේ වරදක් ලෙසය. ‘‘පොලීසියේ බොරු චෝදනා මත සිරගත කළ අවිශිබම කැඳවුම්කරු වහා නිදහස් කරනු’’ යනුවෙන් සඳහන් කළ සටන් පාඨ පවා මුද්‍රණය වූයේ ඒ හෙයිනි. ඇතැමුන් එය විග‍්‍රහ කළේ අධිකරණයේ වරදක් ලෙසය. තවත් විවිධ ආකාරයන්ගෙන් සිද්ධිය විස්තර කළ අයුරු ද අප දුටුවෙමු. 

Sunday, July 14, 2013

අළුත් සන්ධානයක්


 
ISSN - 13913344
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 03 වන කලාපය
2013 ජූලි
අළුත් සන්ධානයක්


පාසල් සිසුන්ටත් සරසවි සිසුන්ටත් පරිගණක සාක්ෂරතාවය යම් පමණකට තිබෙන නිසා අප මෙම උදාහරණය ගනිමු. පරිගණක භාවිතයේදී කලින් කල එහි වර්ෂන් (Version) වෙනස් වන බව අපි දනිමු. පරිගණක ක‍්‍රීඩා වලදී ලෙවල් (Level) (මට්ටම) තෝරාගැනීමේ හැකියාවක් හා එය පියවරෙන් පියවර වර්ධනය වීමේ තත්ත්වයක් ඇති බව අපි දනිමු. මෙහිදී අපගේ ප‍්‍රස්තුත මාතෘකාවට වැදගත් කරුණ වන්නේ සෑම Version එකකදීම හෝ Level එකකදීම ඊට අනුරූප ක‍්‍රම (Method), උපකරණ (Tools) තිබීමයි. වීඩියො ගේම් (Game) එකකදී Level වෙනස් වූ පසු අදාල ආයුධ මගින් නව Level එක තුළ තරඟයක් දීම අසීරුය. එසේ වුවහොත් බොහෝ විට තරඟය අවසන් (Game Over) වනු ඇත.

Tuesday, May 14, 2013

Double Attack

ISSN - 13913344
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 03 වන කලාපය
2013 ජූලි

Double Attack

පසුගිය 5 දින ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨ සිසුන් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක නිරත වූවේ ලක්ෂ 70කටත් අධික මුදලකට වෛද්‍ය උපාධිය විකිණීමට එරෙහි වීම සඳහාය. මේ දිනය වන විට කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හිටපු පීඨාධිපතිවරයකු වන මහාචාර්ය කරුණාරත්න මාහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්වවිද්‍යාල භූමියේ තැම්පත්කර තිබුණි. උක්ත දිනයේ පැවැත්වූ උද්ඝෝෂණය නිසා විශ්වවිද්‍යාලයට අපකීර්තියක් සිදුවූවා යැයි පවසමින් වෛද්‍ය පීඨයේ ආචාර්යවරු පිරිසක් පසුදින සිට සතියක කාලයක් දේශන වර්ජනය කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතවිය.